රුපියල දිනපතා බාල්දු වෙනවා… උග්‍ර ආර්ථික අර්බුදය අත ළඟ… රට නටන වතුර හැළියක කකුළුවෙක් වගේ…!

May 17, 2026 at 7:21 pm | by emanisa.lk

වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ රටේ ආර්ථිකය වර්ධනය නොවන නිසා මුළු රටම මේ වන විට නටන වතුර බඳුනක සිටින කකුළුවෙකුගේ තත්ත්වයට පත්ව ඇති බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ආනයන අපනයන ක්‍රියාවලිය පැහැදිලි දැක්මක් සහිතව ක්‍රියාත්මක නොකළ නිසා ඩොලරයේ අගය වේගයෙන් ඉහළ යමින් ඇති බවද මේ නිසා දැනටමත් උග්‍ර ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුව සිය ප්‍රාථමික ගිණුමේ විශාල මුදලක් ශේෂවී ඇතැයි උදම් ඇනුවද බොහෝ දියුණු සහ දියුණු වන රටවල ප්‍රාථමික ගිණුම ආර්ථිකයේ ද්‍රවශීලතාව වැඩිකර ගැනීම සඳහා ඍණ මට්ටමේ පවත්වාගෙන යන බවත් දිලිත් ජයවීර ප්‍රකාශ කරයි.

ආණ්ඩුව වෙළඳපොළේ ඇති මුදල් ගෙන ගිණුමකට දමාගැනීම නිසා රටේ මුදල් සංසරණය ආයෝජනය නව මුදල් උත්පාදනය අඩු වී ආර්ථිකය හැකිළීම නිසා ජනතාවගේ අතේ මුදල් නොමැති බවද ඔහු අවධාරණය කරයි.

සර්වජන බලය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් දිලිත් ජයවීර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *