රුපියල කඩා වැටෙන එක නතර කරගන්න බෑ..! ආණ්ඩුව ෆේල් බව අවංකව පිළිගන්න ඕන..! – ඇමැති අමරවීර…

January 18, 2022 at 9:54 pm | by emanisa.lk

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගට ම අවප්‍රමාණය වෙමින් තිබෙන බවත් මෙම තත්ත්වය පාලනය කර ගැනීමට වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අර්බුද රැසකට හේතුව රුපියල අවප්‍රමාණය වීම හා ඩොලර් නොමැති වීම බව පෙන්වා දෙන ඇමතිවරයා, සඳහන් කරන්නේ කුමන කතා කීව ද ආණ්ඩුව මෙම අර්බුදය සමනය කර ගැනීමට අසමත් බවයි.

මෙම අසමත් බව අවංකවම පිළිගත යුතු බව ඇමැති අමරවීර ප්‍රකාශ කරයි.

ආසන්න වශයෙන් රුපියල් බිලියන 17,200 ක් පමණ විදේශ ණය තිබෙන බවත් පසුගිය කාලයේදී ගත් ණය සහ ඉදිරියේදී ගැනීමට නියමිත ණයද එකතු වූ විට එම අගය තවත් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යන බවත් පෙන්වා දෙන පරිසර ඇමතිවරයා, සඳහන් කරන්නේ මෙරට ජනතාවගේ ඒකපුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 08 ඉක්මවා යාමට ආසන්න වී ඇති බවයි.

1977 වසරින් පසුව බලයේ සිටි සියලු නායකයන් මෙම තත්ත්වයට වගකිව යුතු බවත්, ඔවුන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවට සිදු කළේ රටේ ජනතාවට උගසට තබා දිගින් දිගට ම ණය ලබා ගැනීම බවත් මහින්ද අමරවීර වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *