ඩොලර් වියදම් කිරීමේ අර්බුදයක් පැන නැගී තිබුණ ද රුපියල් වියදම් කිරීමේ අර්බුදයක් පැන නැගී නැතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කරයි.
විදේශ වත්කම් සංචිතයේ යම් අර්බුදයක් තිබෙන බව සත්‍ය බව ද හෙතෙම කියා සිටියේය.
උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කළේ ය.