රාජිතට ෆොන්සේකාට සජබෙන් කාඩ් එක දෙන්නේ නෑ….!

July 17, 2024 at 1:36 pm | by emanisa.lk

ඉදිරි මහා මැතිවරණයේ දී රාජිත සේනාරත්නට සහ සරත් ෆොන්සේකාට සමගි ජන බලවේගය අපේක්ෂකත්වය ලබා නොදෙන බව සුජීව සේනසිංහ පවසයි.

පරිණත දේශපාලනඥයකු වන රාජිත සේනාරත්න දෙගෙඩියාවෙන් කටයුතු කරන බවත් අවශ්‍ය නම් සාකච්ඡා කොට වැරදි නිවැරදි කරගෙන ඔහුට පක්ෂයට එකතු විය හැකි බවත් හෙතෙම සඳහන් කරයි.

කෙසේ වුව ද සරත් ෆොන්සේකා මේ වන විට යළි පක්ෂයට බඳවා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බව ද සුජීව සේනසිංහ ප්‍රකාශ කරයි.

සමගි ජන බලවේග මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *