රාජිතගෙන් නව සන්ධානයක්… දුමින්ද මනෝ රිෂාඩ් සහ රවීත් එති…!

May 9, 2024 at 10:23 am | by emanisa.lk

හිටපු සෞඛ්‍ය අමාත්‍ය, සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් ලෝක යුධ විරෝධී සන්ධානයක් පිහිටුවා තිබේ.

එහි ආරම්භක උත්සවව ඉකුත් 06 වැනිදා කොළඹදී පැවැති අතර ඊට දේශපාලන පක්ෂ නියෝජිතයින් ආගමික නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක්ද එක්ව සිටියහ.

දුමින්ද දිසානායක, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් ඇතුළු වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම එජාපයේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ද ඊට එක්ව සිටින ආකාරය දැකගැනීමට හැකිවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *