කිසිදු කාර්යභාරයක් නොමැති සේවකයින් ලක්ෂයකට අධික පිරිසක් රාජ්‍ය සේවය තුළ සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ පවසයි.
මේ වන විට රාජ්‍ය සේවයේ ලක්ෂ 16කට ආසන්න පිරිසක් සිටින බවත් රාජ්‍ය සේවයේ තුනෙන් එකක පිරිසක් කම්කරු, රියදුරු සහ කාර්යාල කාර්ය සහයකයින් බවත් ඔහු පෙන්වා දෙයි.
නිශ්චිත තනතුරක් නොමැතිව බඳවාගත් පිරිසක් රාජ්‍ය සේවය තුළ සිටින බවත් දැනට සිටින රාජ්‍ය සේවකයින් අතුරින් තුනෙන් එකක පිරිසක් නොමැති වුවද රාජ්‍ය සේවය පවත්වා ගෙන යා හැකි බවයි එම්.එම්.පී.කේ මායාදුන්නේ ප්‍රකාශ කළේ.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.