රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අනුබද්ධව මුදල් අයකර උපාධි ලබාදීමේ ආයතන පිහිටුවන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසයි.
ඉසෙඩ් ලකුණු පදනම් කර ගනිමින් විශ්වවිද්‍යාලවලට නොමිලේ ඇතුළත් කර ගන්නා පිරිසට අමතරව මෙම පිරිස් ඇතුළත් කර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය.
උසස් අධ්‍යාපනය සඳහා විදේශීය විශ්වවිද්‍යාලවලට යන පිරිස අඩු කර ගැනීමට සහ ඒ සමග රටින් පිටට යන ඩොලර් ප්‍රමාණය සීමා කර ගැනීමට මෙමගින් අවකාශ සැලසෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
දැනට උසස් ඩිප්ලෝමා හදාරන පිරිසට විශ්වවිද්‍යාල උපාධි ලබා දීමට ද මේ යටතේ පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.