රාජ්‍ය පාලනය ගැන මාලිමාකාරයින්ට කිසිම අවබෝධයක් නෑ..! – හර්ෂ ද සිල්වා..

January 4, 2024 at 3:41 pm | by emanisa.lk

ජාතික ජන බලවේගයට රටක් ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳ කිසිදු අවබෝධයක් නැතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ඩොලර් බිලියන 12ක ජාත්‍යන්තර බැඳුම්කර ණය පිළිබඳ තැකීමක් නොකරන බව ජාතික ජන බලවේගයේ ප්‍රධානතම ආර්ථික උපදේශකවරයා වන මහාචාර්ය අනිල් ජයන්ත පවසා ඇති බවයි.

එම ප්‍රකාශය එම පක්ෂයේ ආර්ථික කටයුතු පිළිබඳ කටයුතු කරන සුනිල් හඳුන්නෙත්ති නැවත තහවුරු කර ඇතැයි ද හර්ෂ ද සිල්වා පවසයි. එම ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ එම පක්ෂයට රටක ආර්ථිකය හැසිරිවිය යුතු ආකාරය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති බව යැයි හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *