රාජ්‍ය නිලධාරී කම්බ හොරු 400ක් නිදැල්ලේ…!

May 28, 2024 at 9:03 am | by emanisa.lk

රාජ්‍ය ආයතන තිහකට වැඩි සංඛ්‍යාවක දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් 400 කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් කාලයක සිට නීතිය ක්‍රියාත්මකවී නැතැයි ජාතික විගණන කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එසේම දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රජයට පාඩුවූ කෝටි දාහකට වැඩි මුදලක් වගකිව යුතු නිලධාරීන්ගෙන් පාඩු වූ මුදල් අය කර ගන්නා ලෙස විගණන නිලධාරීන් නොයෙක් වර නිර්දේශ කර ඇතත් එම නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක වී නැති බව විගණන නිලධාරියෙක් පැවසීය.

මේ අතර දූෂණ වංචා සහ අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස කෙරුණු නිර්දේශ බොහොමයක් ආයතන ප්‍රධානීන් ක්‍රියාත්මක කර නොමැත්තේ එම දූෂණ වංචාවලට එම ප්‍රධානීන්ද සෘජුව හෝ වක්‍රාකාරව සම්බන්ධවී ඇති නිසා බව පෙනී ගියේ යැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති.

ඇතැම් දේශපාලනඥයන් මෙම නිලධාරීන්ට රැකවරණය ලබාදීම මෙම වංචා දූෂණ යට යෑමට ප්‍රධාන හේතුවක් බව විගණන අංශ පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *