රාජ්‍ය දේපළ විකුණා දැමීම වහා නවතනු.. ඒ සඳහා වත්මන් ආණ්ඩුවට ජනවරමක් නෑ…! – මහින්ද….

May 12, 2024 at 3:27 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බවත් එවන් අවස්ථාවක රාජ්‍ය දේපොළ කඩිමුඩියේ විකුණා දැමීමෙන් රටට වැඩදායී ප්‍රතිඵලයක් ලබාගැනීමට නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

2005-2015 සිය පාලන කාලය තුළ කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණා නොදැමූ අතර එම කාලය තුළ නැවත රජයට පවරා ගත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිටල් වැනි ආයතන ලාභ ලබන බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි. යම් ආයතනයක් ලාභ ලබනවා නම් මහජනතාවට විය යුතු සේවය වෙනවා නම් එය පෞද්ගලීකරණයට හේතුවක් නොමැති බව ද හෙතෙම සඳහන් කරයි.

රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව රට පුරා ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්වයට විසඳුමක් ලෙස ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටවන තෙක් රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු තීරණ සහ පියවර අත්හිටුවිය යුතු බව ද කියන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඊළඟ ජනාධිපතිවරණය ජයගන්නා පාර්ශ්වයට ඔවුන්ට ලැබෙන ජනවරම අනුව රජය සතු දේපළ සහ ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කළ හැකි බව ද එහි සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *