රාජ්‍ය ව්‍යාපාර 20ක් 2021 වර්ෂයේ දී රුපියල් බිලියන 286ක පාඩුවක් ලබා ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි.
මින් ගුවන් සේවා හා බලශක්ති අංශය පිළිවෙළින් සියයට 60ක හා 36ක පාඩු ලබා ඇති බව ද එහි දැක්වේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය, ජලසම්පාදන මණ්ඩලය වැනි රජය සතු ප්‍රධාන ව්‍යාපාර රාජ්‍ය බැංකු වෙත ද දැඩි බලපෑමක් එල්ල කරමින් විශාල වශයෙන් පාඩු ලබා ඇති බව ද සඳහන් කර ඇත.