පාඩු ලබන රාජ්‍ය ආයතනවල බර ජනතාව මත පැටවීම වැරදියි..! ඒ ආයතන ප්‍රතව්‍යුහගත කර ජනතාවට සහන දිය යුතුයි..! – රාජ්‍ය ඇමැති.

January 4, 2022 at 7:10 am | by emanisa.lk

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට ඉදිරියේදී රජය තීන්දු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අවධාරණය කරයි.

“මේ රටේ බදු ගෙවන ජනතාවට එක්කෝ අකාර්යක්ෂම, එහෙම නැත්නම් අක්‍රිය වෙච්ච ආයතන සම්බන්ධයෙනුත් වැය බරක් දරන්න සිද්ධවෙලා තියෙනවා. අපි හිතනවා වෘත්තීය සමිතිත් රජයත් සමග එකතුවෙලා කටයුතු කළයුතුයි,

නමුත් වෘත්තීය සමිතිවල ඒ ස්ථාන පවත්වාගෙන යන්න දරපු උත්සාහයන්වලින් සමස්ත ජනතාවට ම කිසියම් අගතියක් සිදුවෙලා තියෙනවා. ඒ හින්දා ඉදිරියේදී අපි තීන්දුවක් ගතයුතුයි.

මේ වගේ ආයතන ප්‍රතිව්‍යුහගත කරලා කොහොමද බදු ගෙවන ජනතාවට සහ සහන ලබන ජනතාවට තවදුරටත් සහන ලබාදෙන්න පුළුවන් ක්‍රමවේදය හදන්නෙ කියන එක ගැන”

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මේ බව පැවසුවේ පසුගිය 31 වෙනිදා මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *