රාජ්‍ය ආයතනවල කඹ ඇදිල්ලෙන් රට ම අඳුරට…! පුනර්ජනනීය විදුලි මෙගාවොට් 130ක් අහිමි වෙයි..!

February 12, 2022 at 10:22 am | by emanisa.lk

බලශක්ති බලපත‍්‍ර නිකුත් කළ ද විවිධ හේතු නිසා නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 58ක ඉදිකිරීම් කටයුතු නතර වී ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

මේ තත්ත්වය නිසා එම ව්‍යාපෘති 58 මගින් සැපයීමට නියමිත වූ මෙගාවොට් 129.75 ක විදුලි ධාරිතාව ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නොහැකි වී ඇත.

බලශක්ති බලපත‍්‍රය ලබා දෙන අවස්ථාව වන විට මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී දෙපාර්තමේන්තුව මගින් ලබා ගත් අනුමත කාලය ඉකුත්ව ඇති අතර එම ආයතන අදාළ අනුමැතිය දීර්ඝ කිරීම ප‍්‍රතික්ෂේප කිරීම හා ප‍්‍රමාද කිරීම නිසා ද ඉඩම් අත්පත් කරගැනීමේ ප‍්‍රමාදයන් නිසා ද මෙම තත්ත්වය උදා වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *