වහාම ක්‍රියාත්මක වන පරිදි, රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු සිය ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන් සේවා), ඉන්දික අනුරුද්ධ (විදුලි බල හා බලශක්ති), මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා (කෘෂිකර්ම) සහ සිරිපාල ගම්ලත් (මහාමාර්ග) යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙලෙස ඔවුන්ගේ ධුරවලින් පහකර ඇත.
මෙම අමාත්‍යවරු වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබා නොදෙන අතර පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂට සහය දක්වති.