ව්‍යවස්ථාවෙන් පිට රාජ්‍ය පාලනය මෙහෙය වීමට කිසිවෙකුට අයිතියක් නැතැයි 43 වන සේනාංකයේ පාඨලී චම්පික රණවක පවසයි.
ජනතා ඡන්දයෙන් 225 දෙනෙකු තෝරාපත් කර ඇති බවත් කවුරු කැමති අකමැති වුව ද එම පිරිස විසින් ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.
රාජපක්ෂලාට ලැබුණුු ජනවරම අහෝසී වී ඇති බව සඳහන් කළ පාඨලීී චම්පික එසේ වූූ පමණින් ජනතාවට බලය ලැබුණේ යැයි සඳහන් කරමින් කිසිවෙකුට පාලන බලය අතට ගත නොහැකි බවත් පෙන්වා දෙයි.