රාජපක්ෂ රැල ම ගෙදර ඇරියේ මමයි…! මට කිසිවෙක් අභියෝගයක් නෙමෙයි..! – මෛත්‍රී…

March 6, 2024 at 5:16 pm | by emanisa.lk

2015 තමන් විසින් ගෙදර ම ඇරි රාජපක්ෂ රැල තමන්ට අභියෝගයක් වන්නේ කෙසේ දැයි ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රශ්න කරයි.

බැසිල් රාජපක්ෂ නැවත ශ්‍රී ලංකාවට පැමිණීම තමන්ට අභියෝගයක් දැයි මාධ්‍ය විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා මේ බව කීය.

දේශපාලකයින් විවිධ කතා කියන නමුත් ඉදිරියේ දී තමන් ජනතා බලය පෙන්වන බව ද මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *