පවුල් පාලනයකට යළි කිසිදා මේ රටේ ඉඩක් නොලැබෙන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
යළි කිසිම දිනක රාජපක්ෂවරු සමග මැතිවරණයකට තරඟ නොකරන බව ද හෙතෙම අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මෙන් ම අගමැතිවරයා ද බැසිල් රාජපක්ෂ ප්‍රාණ ඇපයට ගෙන ඇති බවට ද ජනාධිපතිවරයාට උවමනා ආකාරයට රට පාලනයට බැසිල් ඉඩ නොදෙන බවට ද විමල් වීරවංශ චෝදනා කරයි.
අගමැති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂට මුදල් අමාත්‍ය ධූරය භාරදුන්නේ කැමැත්තකින් නොවන බවත් අගමැතිවරයා ආණ්ඩුව තුළ අසරණ වී ඇති බවත් ඔහු හෙළි කරයි.
හිටපු ඇමැතිවරයා පෙන්වා දෙන්නේ, රාජ්‍ය පාලනය කණ්ඩායමකට භාරදිය යුතු බවත් මේ රට පාලනය කරන අවසාන පවුල රාජපක්ෂ පවුල බවත් ය. බැසිල් රාජපක්ෂට රට පාලනය කිරීමේ හැකියාවක් නොමැති බවත් විමල් වීරවංශ වැඩි දුරටත් පෙන්වා දෙයි.