රාජපක්ෂ පවුලට ඇමැතිකම් නෑ…! තවත් ප්‍රබලයෙක් පාර්ලිමේන්තුවට සමුදෙයි…!

June 11, 2022 at 12:08 pm | by emanisa.lk

රාජපක්ෂ පවුලේ තවත් මන්ත්‍රීවරයකු ඉදිරි සති කිහිපය තුළ මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව, දේශපාලනයෙන් ද විශ්‍රාම යාමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ද ඉකුත් බ්‍රහස්පතින්දා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හැරුණුකොට කැබිනට් මණ්ඩලයේ ද රාජපක්ෂවරුන් කිසිවකුත් නොමැති අතර, ඔවුන්ට ඇමති ධුර ලබා නොදීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇත

රාජපක්ෂ පවුලේ චමල් රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමති නාමල් රාජපක්ෂ සහ හිටපු රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් කටයුතු කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *