රාජපක්ෂ ආණ්ඩුව එළවන සටන හිටපු ජනපතිනිය අතට ගනී…! සජිත් වෙල්ගම පාඨලී හකීම් සුමන්දිරන් අනුර චන්ද්‍රිකාගේ නිවසේ සාකච්ඡාවක…!

April 12, 2022 at 11:35 am | by emanisa.lk

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නිවෙසේ ඊයේ (11) විපක්ෂයේ පක්ෂ නායකයන් මුණගැසී විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.

මෙම රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

රජයට විරුද්ධ පාර්ශ්ව අතර ඉදිරි ගමන සම්බන්ධයෙන් පවතින මතභේද හේතුවෙන් මේ අවස්ථාවේ කළ යුත්තේ ප්‍රමුඛතා හඳුනාගැනීම සඳහා කමිටුවක් පත්කිරීමේ අවශ්‍යතාව බව හිටපු ජනාධිපතිනිය එහි දී සඳහන් කර ඇත.

මීට අමතරව තවත් දේශපාලන කරුණු රැසක් මෙහි දී සාකච්ජා වී ඇති බව දැන ගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *