හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) අවසර ලබාදී තිබේ.
ඒ, එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්රමුඛ පංචපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ය.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන්නැයි රජයට නියෝග කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම් දෙක ගොනුකර ඇත්තේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූර ජූලියන් බෝලින් සහ විශ්ව විද්‍යාල ආචාර්ය මහීම් මෙන්ඩිස් යන ඇතුළු පිරිසක් විසිනි.
අදාළ පෙත්සම් 2023 ජනවාරි 09 වනදා යළි කැඳවීමට නියම කර ඇත.