රාජපක්ෂලා හොරා කෑ ධනය කොටස් වෙළඳපොළේ.. මේ හොරුන්ගේ අවසන් හොරාව…! – වසන්ත සමරසිංහ…

October 5, 2024 at 4:48 pm | by emanisa.lk

හොරු ඇල්ලුවා දැයි හොරු දැන් තමන්ගෙන් අසමින් සිටින බව ජාතික ජනබලවේග විධායක සභික වසන්ත සමරසිංහ පවසයි.

නාමල් රාජපක්ෂලා මහ ජනතාවගෙන් සොරාගත් ධනය ලංකාවේ ද පිට රට ද ඉඩම්වල ද කොටස් වෙළඳපොළේ ද යන්න නුදුරේ දීම පෙන්වන බවයි, ඔහු අවධාරණය කළේ.

පොහොට්ටුවේ සජබෙ සහ එජාපයේ හොරුන්ගේ ඔට්ටු සෙල්ලම අවසාන කරන බවටත් මේ ගත කරන්නේ අවසන් පැය කිහිපය විය හැකි බවටත් ඔහු අනතුරු අඟවයි.

නීතිිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවක් පත්ව ඇති හෙයින් වළං කඩේට පැන්න ගොනා වගේ කටයුතු කළ යුතු නැති බවත් වසන්ත සමරසිංහ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *