රාජපක්ෂලා හොරකම් කළ මුදල් ගෙනැත් අර්බුදය විසඳන්න බෑ..! – ජනපති

March 13, 2024 at 8:00 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ණය මුදල පියවා ගැනීමට ලොව ධනවත්ම පුද්ගලයා ළඟට ගිය ද නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

මෙම විශාල ණය කන්ද ගෙවා දැමීමට 2042 දක්වා තමන් කාලය ඉල්ලා ඇති බවයි, ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

මෙම අර්බුදයට හේතුව රටේ අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩි වීම බව ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

රාජපක්ෂලා රටේ මුදල් හොරකම් කළ බවට කිසිවෙකු සතුව පැහැදිල සාක්ෂි ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙසත් පසුගිය යහපාලන රජයට යටතේ එලෙස නඩු පැවරුව ද කිසිවක් සනාථ නොවූ බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

එහෙත් තව දුරටත් කිසිවෙකු සතුව ඒ පිළිබඳ සාක්ෂි ඇත්නම් අලුත් කොමිසමට ඉදිරිපත් කරන ලෙසත් කිසිවෙකු ඊට බලපෑම් නොකරන බවත් ජනාධිපති වික්‍රමසිංහ වැඩි දුරටත් කීය.

ඊයේ කොළඹ පැවැති වැඩසටහනකට එකතු වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *