රාජපක්ෂලා සුනේ සුං…! ඩලස්ගෙන් අලුත් පක්ෂයක්..! පොහොට්ටුවේ 49ක් ඩලස්ට…!

June 11, 2022 at 2:27 pm | by emanisa.lk

දැනට පොහොට්ටුවේ ඉතිරිව ඇති මන්ත්‍රීන් 117 දෙනාගෙන් 49 දෙනකු ඩලස් අලහප්පෙරුම සමග නව දේශපාලන බලවේගයකට එක්වීමට සූදානමින් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මහාචාර්යවරු, ආචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවන් හා නීතිඥවරුන්ගෙන් සිව් දෙනකු හැර සියලු දෙනා මෙම නව බලවේගයට එක්ව ඇති බව ද වාර්තා වේ.

“හැකියාවට සහ නිර්මාණශීලීත්වයට මුල්තැන දෙමු; දූෂණය, අන්තවාදය සහ පවුල්වාදය පිටු දකිමු” යන්න එම නව දේශපාලන බලවේගය සිය තේමා පාඨය ලෙස තෝරාගෙන ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් ඊය් (11) රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලඉදිරියට ගොස් ඇත්තේ නුදුරේ දී ම බිහිවන එම නව දේශපාලන බලවේගය පිළිබඳ මූලික නීතිමය කාරණා කිහිපයක් නිරාකරණය කර ගැනීමට බව ද වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *