රාජපක්ෂලාට යුද්ධය වගේ ම කොරෝනත් ව්‍යාපාරයක්! මහින්දයි උක්කුවයි දෙන්න ම එකයි! – රංජන්

November 9, 2020 at 10:58 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කළහොත් මේ රට අගාධයකට වැටෙන බව තමා එදා සිට කළ ප්‍රකාශය අද සත්‍ය වී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පවසයි.

රාජපක්ෂ පවුල හොර කල්ලියක් බවත් සුනාමි සල්ලි හොරකම් කළ මහින්ද රාජපක්ෂ සහ සුනාමියට ගසා ගෙන ගිය කාන්තාවගේ මාලය කඩාගත් උක්කුවා අතර කිසිදු වෙනසක් නැතැයි ද ඔහු සඳහන් කරයි.

එදා යුද්ධය ව්‍යාපාරයක් කරගත් රාජපක්ෂලා අද කොරෝනා ව්‍යාපාරයක් කරගෙන ඇති බවත් රටට එන ඕනෑ ම ව්‍යසනයක් ආදායම් මාර්ගයක් කර ගැනීමට රාජපක්ෂලා පසුබට නො වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළෙ ය.

කොළඹ දී ඊයේ (08) මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස