රවීගේ CID ගමන මහරාජාට පාරාවළල්ලක් වෙයි… සිරසේ ගම්මැද්ද පුම්බන්න රජයේ මුදල්… NLBයෙන් පඩි කමින් සිරස ප්‍රවර්ධනයේ..!

August 30, 2026 at 2:11 pm | by emanisa.lk

ජාතික ලොතරැයි මණ්ඩල (NLB) නිලධාරීන් තිදෙනෙකු දේශපාලන හා පෞද්ගලික කටයුතුවලට යොදවා ගත් බවට චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක හෙට (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ නිලධාරීන් තිදෙනාට රජයෙන් වැටුප් ගෙවමින් සිරස නාලිකාවේ ජනප්‍රියම වැඩසටහන ලෙස සැලකෙන News1st ගම්මැද්ද වැඩසටහන ප්‍රචාරය සහ ප්‍රවර්ධනය සඳහා අවභාවිත කර ඇත. එකල සිරස නාලිකාව යහපාලන ආණ්ඩුව කෙරෙහි දැඩි පක්ෂපාතී ආස්ථානයක සිට කටයුතු කළේය.

එහෙත් අදාළ වැඩසටහන සඳහා ජාතික ලොතරැයි මණ්ඩල අරමුදල් සහ සම්පත් යෙදවූ බවක් කිසිදු අවස්ථාවක මහ ජනතාවට ප්‍රකාශ නොකළ අතර එය සිරස නාලිකාව දියත් කළ මහජන සුබ සාධන ව්‍යාපෘතියක් ලෙස හුවා දක්වමින් තම පෞද්ගලික සන්නාමය ඉහළ නංවා ගැනීමට කටයුතු කෙරණි.

රාජ්‍ය ආයතනයකින් වැටුප් ලබමින් පෞද්ගලික මාධ්‍ය ආයතනයක ව්‍යාපෘති සහ ප්‍රචාරණ මෙහෙයුම් සඳහා අනුයුක්ත කිරීම 1994 අංක 19 දරන අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ එන දූෂණය හෝ රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ වරදක් යටතට ගැනෙන වරදකි.

මෙම නිලධාරීන් ‘නීරෝගා’ ලොතරැයි ව්‍යාපෘතිය සහ ‘ගම්මැද්ද’ ඒකාබද්ධ CSR වැඩසටහන් සම්බන්ධීකරණය කළ බවට රවී කරුණානායක පාර්ශ්වය පැවසුවද පෞද්ගලික මාධ්‍ය නාලිකාවක ව්‍යාපෘති ප්‍රවර්ධනයට රජයෙන් වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන් යොදා ගැනීම වරදකි. එපමණක් නොව එම ව්‍යාපෘතියට වැයබර දැරුවේ රාජ්‍යය නම් එහි හිමිකාරිත්වය සහ ගෞරවය රජයට සහ ජාතික ලොතරැයි මණ්ඩලයට මිස සිරස නාලිකාවකට නොවේ.

සිරස ගම්මැද්ද වැනි වැඩසටහනකින් ජනතාවට සහනයක් ලැබීම අගය කළ යුතුය. එහෙත් ඊට යොදාගත් ක්‍රමවේදය සහ රාජ්‍ය මුදල් අවභාවිතය නීතිය හමුවේ කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බව නීති විශාරදයන්ගේ මතයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස