රනිල් වික්රමසිංහ මහතා 2015–2020 අතර කාල සීමාවේ රටේ අග්රාමාත්ය තනතුර දැරුවත් රටට කළ දෙයක් නොමැති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
“පැහැදිලිවම මැතිවරණ කල්දාන එකට ශ්රී ලංකා පොදුජන පෙරමුණ විරුද්ධයි. රනිල් වික්රමසිංහ මැතිතුමා 2015 ඉඳන් 2020 වෙනකල් මේ රටේ අග්රාමාත්යවරයා විදියට හිටියානෙ, කරපු දෙයක් නෑනෙ.
ඉදිරියේදී එන මැතිවරණවලට ඒක වෙනම මැතිවරණයක්. ඒ පිළිබඳව අපි මේකෙ තියෙන පෆෝමන්සුත් බලලා, අපිට තීන්දුවක් ගන්න පුළුවන්.
පොදුජන පෙරමුණ විදියට එක්සත් ජාතික පක්ෂයත් එක්ක සන්ධානගත වෙනවා නම් ඉතාමත් කල්පනාකාරී වෙන්න ඕනෙ. ඉතින් මම පක්ෂය හදලා දෙන්නම්, කිට් එක මහගෙන ඉන්න ඕනෙ කෙනෙක්ට ඇඳගන්න පුළුවන්.”