රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට යම්තාක් දුරකට ස්ථාවර කළත් ඉන් සෑහිමකට පත්විය නොහැකි බව සමගි ජන බලවේගය පවසයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම ප්‍රකාශ කළේ රට නියම ආකාරයට ගොඩගත හැකි හොඳම කණ්ඩායම සිටින්නේ සමගි ජනබලවේගයේ බවයි.
වර්තමාන ජනාධිපතිවරයාට දක්ෂ කණ්ඩායමක් නැතැයි කී මන්ත්‍රීවරයා ඉදිරි මැතිවරණවල දී තමන් එක්විය යුත්තේ වෛරකාරී කණ්ඩායම් සමඟ නොව රට දියුණු කරන කණ්ඩායමක් සමඟ බව ජනතාව තේරුම් ගෙන සිටින්නේ යැයිද අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
සමගි ජන බලවේග මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එකතු වෙමින් මාන්නප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.