රනිල් ව්‍යසනයකට මග හදලා..! වහාම ඉල්ලා අස්විය යුතුයි…! – ඇමැති ධම්මික…

July 6, 2022 at 4:14 pm | by emanisa.lk

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධූරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසයි.

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා ව්‍යසනයකට සැලසුම් සකස් කර ඇති බවත් වත්මන් ඩොලර් අර්බුදය විසඳීමට මුදල් අමාත්‍යවරයාට කිසිදු සැලැස්මක් නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ සියලු ආර්ථික අභියෝග ඩොලර් අර්බුදය සමඟ සම්බන්ධ වී ඇති බවත් ඩොලර් ඉපැයීම්, ණය ගැනීම්, පවතින ණය මාර්ග සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධ සියලු කරුණු මුදල් ඇමැතිවරයා ප්‍රමාද කර ඇති බවට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *