කෘතහස්ත ප්රජාතන්ත්රවාදී නායකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ලෝකයට අගනා ආදර්ශයක් ලබා දුන් බව රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය කුරැටියේ නන්ද හිමියෝ පැවසූහ.
සේදවත්ත, වේරගොඩ පුරාණ විහාරස්ථානයේ කඨින මහා පුණ්‍යෝත්සවය ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
ජනාධිපති ධූරයේ ඒකාධිපති බලතල පාර්ලිමේන්තුව සතු කරමින් ජනාධිපතිවරයා ගත් මේ ක්‍රියාමාර්ගය නිසැකයෙන්ම රටේ අභිවෘද්ධියට හේතුවනු ඇති බව ද උන්වහන්සේ සඳහන් කළහ.