රනිල්-නන්දලාල් ආර්ථික මැජික් සෝඩා බෝතලේ කැඩුවා වගේ…! – හඳුන්නෙත්ති…

March 19, 2023 at 8:48 am | by emanisa.lk

වික්‍රමසිංහ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සෝඩා බෝතලේ මූඩිය කැඩුවා හා සමාන බව ජාතික ජන බලවේගයේ සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඊට හොඳම උදාහරණය වන්නේ මෑතක රුපියලේ අගය පෙන්වමින් සිදු කළ බොරුවෙන් බව හෙතෙම සඳහන් කළේය.

එසේම වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තරයේ හිත් දිනාගැනීම සඳහා ”ආර්ථික මැජික්” පෙන්වමින් සිටින බවත් ආර්ථිකය යනු ඕන ඕන වෙලාවට වෙනස් කළ නොහැකි දෙයක් බවත් හෙතෙම පැවසීය.

ඒ නිසා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සහ නන්දලාල්ගේ ආර්ථික මැජීක් ඒ මොහොතේ රසබර වූවාට එහි අවසාන ප්‍රතිඵලය සදාකාලික විඳවීමක් බව ද සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *