ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් කිසි දිනක රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබා නොදන බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
කෙසේ වුව ද එම පාක්ෂිකයින්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය තමන් ඇතුළු පොදුජන පෙරමුණු මන්ත්‍රී පිරිස විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් කළ බව ද ඔහු පෙන්වා දෙයි.
එය සිදු කළේ 69 ලක්ෂයක් ජනතාවගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ වමේ දේශපාලන කඳවුරේ ආරක්ෂාව සඳහා බව ද නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනහමුවක් අමතමිනි.