විදේශීය උවමනාවන්වලට අනුව ශ්‍රී ලංකාව කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය මැතිවරණවලට ඉඩ නොදී ජනතාවගේ ගැටලු විසඳීමට ලබන වසර තුළ ජනාධිපතිවරණය මුලින් පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.
ලබන වසරේ මුලින් පැවැත්විය යුත්තේ කුමන මැතිවරණය ද යන්න තීරණය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලය පැවැරී තිබෙන බව ද සභාපතිවරයා කීය.
රටක අස්ථාවරභාවයක් තිබෙන විට ජනාධිපතිවරයාට ඒ සඳහා සුදුසු අවස්ථාව තෝරාගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ ලබාදී තිබෙන බව ද හෙතෙම සඳහන් කළේ ය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඊයේ (18) මේ බව ප්‍රකාශ කළේ ය.
ජනාධිපතිවරණය හා මහ මැතිවරණය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිමය කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සකස් කර තිබෙන බව ද මන්ත්‍රීවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඡන්ද ලක්ෂ සීයක් ලබාගෙන නැවත ජනාධිපති පුටුවේ වාඩිවිය හැකි බවත් ඒ සඳහා සෑම නිවසකින් ම ඔහුට ඡන්දයක් භාවිත කරන තැනට රට ගමන් කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේ ය.