2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා 2026 ජුලි 24 දින ගැසට් පත්‍රයේ පළකරන ලද පනත් කෙටුම්පත වෙනස් කිරීමට රජය බලාපොරොත්තු වන බව සභානායක බිමල් රත්නායක පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එම වත්කම් හා බැරකම් ප්‍රකාශ මහ ජනයා විසින් භාවිත කළ හැකි ආකාරය සීමා කරන්නේ මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් අදාළ නොවන පරිදි බවයි.
ඒ අනුව ජනාධිපතිවරයා, අගමැතිවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අනෙකුත් තේරී පත්වූ මහජන නියෝජිතයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමෙන් පසුව ඒවා පරීක්ෂා කිරීමට, මාධ්‍යවල පළ කිරීමට, සංසන්දනය කිරීමට සහ අදාළ බලධාරීන් වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට මහ ජනතාවට දැනට පවතින අවකාශය ආරක්ෂා වන පරිදි පනත් කෙටුම්පත වෙනස් කිරීමට නියමිතයි
කෙසේ වුවද රජයේ තනතුරු දරන වෙනත් පුද්ගලයන්ට අදාල සංශෝධනය අදාල වනු ඇත.
මෙම වත්කම් බැරකම් තොරතුරු ලබා ගෙන විකෘති කර ජනතාවගේ පෞද්ගලිකත්වයට හානි වන ආකාරයට අවභාවිත කරමින් පළකිරීම මෙම සංශෝධනය ගෙන ඒමට හේතුව බවත් ඇතැම් මැති ඇමතිවරුන් පවා එහි වින්දිතයන් වූ බවත් ඇමති බිමල් රත්නායක ප්‍රකාශ කරයි.
ඊයේ (06) පාර්ලිමේන්තු අමතමින් හෙතෙම මේ අදහස් පළ කළේය.