රනිල් අගමැතිකම ආයෙත් ලොකු අවධානමක…! පොහොට්ටු අගමැති කෙනෙක් ගැන ජනපති කියයි…!

June 19, 2022 at 11:46 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍යවරයෙක් යටතේ ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බව එම පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපතිවරයා සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර පැවැති සාකච්ඡාවක දී මේ බව සඳහන් කර ඇත.

ජනතාව පොහොට්ටුවට 69 ලක්ෂයක ජනවරමක් ලබා ඇති හෙයින් පොහොට්ටුවේ අග්‍රාමාත්‍යවරයෙකු යටතේ ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බව ඔවුන් පෙන්වා දී ඇත.

එහි දී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉදිරියේ දී යහපත් දෙයක් සිදුවනු ඇති බවත් කලින් පැවැති ආකාරයේ ආණ්ඩුවක් හදන්නේ කෙසේ දැයි සොයා බැලිය යුතු බවත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *