රනිල්ට හැමෝම පහන් පත්තු කොට පිදිය යුතුයි…!

June 26, 2023 at 2:52 pm | by emanisa.lk

කඩා වැටුණු රට කිසිවකු භාර නොගත් අවස්ථාවේ රට බාරගෙන යහපත් තත්ත්වයට පත් කිරීම ගැන සියලු දෙනා පහන් පත්තු කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුවපත් වේවා යැයි ප්‍රාර්ථනා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කරයි.

ගාල්ල ප්‍රදේශයේ දී පැවති එක්සත් ජාතික පක්ෂ නියෝජිත හමුවක් අමතමින් ඔහු එසේ පැවසීය.

විපක්ෂ නායකයාගේ යුතුකම රට වැටෙන විට භාර ගැනීම වුවත් එදා විපක්ෂ නායකවරයා එම යුතුකම ඉටු නොකළ බව ද රනිල් වික්‍රමසිංහ එදා රට භාර ගත්තේ මෙරට සියලු ජනතාවගේ වාසනාවට බව ද ඔහු පැවසීය.

අද රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරමින් ඉන්නේ එදා කුණු බක්කියට විසිකර තිබූ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩ පිළිවෙළ බවත් ඔහු සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහට තවත් අවුරුදු 12ක් දුන්නොත් ලෝකයේ රැකියා නැති පිරිස් ලංකාවට එන සමාජයක් බිහිවනු ඇති බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *