රනිල්ගෙන් රටට ම ආදර්ශයක්…! අගමැති කාර්යාල වියදම් 50%කින් කපයි…!

May 18, 2022 at 9:16 am | by emanisa.lk

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් ජුනි මස සිට සියයට පනහකින් කපා හැරිමට තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් අනුව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒ්කනායක විසින් මෙම පියවර ගෙන ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය සඳහා වෙනත් රජයේ ආයතනවලින් අනුයුක්ත කර සිටි සේවකයින් 26 දෙනෙකු නැවත මුල් ආයතනවලට යැවීමට ද කටයුතු කර ඇති අතර වෙනත් රජයේ ආයතනවලින් ලබා ගෙන තිබූ වාහන 16ක් ද ආපසු බාර දී ඇත.

කුඩා සේවක මණ්ඩලයක් සහ සීමිත සම්පත් මගින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ රාජකාරී කටයුතු සිදු කර වියදම් කපා හැරීම මෙහි අරමුණ වී ඇති අතර අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ ජනවාරි මස වියදම මිලියන 96ක් බව ද වාර්තා වෙයි.

මෙය රටේ සියලු රාජ්‍ය ආයතන ආදර්ශයට ගතයුතු බව බොහෝ දෙනාගේ අදහසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *