රනිල්ගෙන් නව අයවැයක්…! වැටුප රු. 20000කින් ඉහළට..! රාජ්‍ය ආයතන 05ක් විකුණා දැමේ…! විදේශිකයින්ට ඉඩම් මිලට ගන්නත් අවසර..!

May 23, 2022 at 11:25 am | by emanisa.lk

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කළ අයවැය වෙනුවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ විසින් නව අයවැයක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

අග‍්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත නව අයවැය යෝජනා තුළ අඩංගු කරුණු කිහිපයක් අද Ceylon Today පුවත්පව වාර්තා කර තිබේ.

ඒ අනුව, ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින රාජ්‍ය සේවකයන්ට රුපියල් විසි දහසක වැටුප් වැඩිවීමක් ලබා දීමට එමගින් යෝජනා කර තිබෙන බව වාර්තා වේ. එමෙන්ම, වතුකම්කරු දෛනික වැටුප රුපියල් 1500 දක්වා ඉහළ දැමීමට ද යෝජනා වී තිබේ.

අයවැය යෝජනා අතර ශ‍්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු රාජ්‍ය ව්‍යවසායකත්වය යටතේ පවතින ආයතන පහක් පෞද්ගලීකරණය කිරීමට යෝජනා කර තිබේ. එමෙන්ම, විදේශිකයන්ට මෙරට දේපළ මිල දී ගැනීමට අවසර ලබා දීමට ද නව අයවැය යෝජනා යටතේ අවස්ථාව ලබා දීමට නියමිත බව පැවසේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *