විදුලි මාෆියාවේ ජාතික අපරාධ මෙන්න…! රන්දෙණිගල රන්ටැමේ දොරටු බලෙන් අරී…! විදුලිය නොහදා මහා ජල කඳක් මුහුදට…! ඩීසල් බලාගාරවලින් රටට විදුලිය..!

June 9, 2022 at 1:00 pm | by emanisa.lk

මේ වන විට රන්දෙණිගල රන්ටැඹේ ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර කඩාකප්පල්කාරීන් විසින් ජලය නිකුත් කරමින් ඇතැයි අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

වර්ජන කටයුතුවල නිරත ත්‍රස්තවාදීන් විසින් රටේ ජලාශ විවෘත කර විදුලිය නිපදවීමකින් තොරව මුහුදට යවන බවට ඇමැතිවරයා චෝදනා කරයි.

ඒ අතර අධික මිල ගණන් යටතේ පෞද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය නිපදවමින් ඇතැයි ද කාංචන විජේසේකර අනාවරණය කළේය.

ජලාශ විවෘත කර ජලය පිටකර ඉන් අනතුරුව ඩීසල් ගල් අඟුරුවලින් විදුලිය නිපදවීම ඔවුන්ගේ අරමුණ බවත් වෘත්තීය සමිති මේ ආකාරයට රට බිත්තියට හේත්තු කිරීමට එරෙහිව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුව ද මේ රටේ ජනතාව ද නැඟී සිටිය යුතු බවයි, ඇමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

https://www.youtube.com/watch?v=Pk_GfNRl0IQ&t=2s

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *