රත්තරන් මන්ත්‍රී රජයේ අක්කර 214ක් අල්ල ගෙන..! සත පහක බද්දක් නැතිව අවු. 15ක් භූක්ති විඳලා..!

September 14, 2023 at 5:38 pm | by emanisa.lk

පුත්තලම පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් විසින් වසර ගණනාවක් තිස්සේ රජයට අයත් අක්කර 214ක භූමියක් අනවසරයෙන් භුක්ති විඳ ඇතැයි අනාවරණය වී තිබේ.

මේ බව හෙළිදරව් වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දීය.

එම ඉඩම පෞද්ගලික සමාගමක් නමිත් ලුණු නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇතැයි ද එහිදී අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් වසර 15ක පමණ සිට මෙම ඉඩමෙන් රජයට බදු නොගෙවීම හේතුවෙන් රුපියල් කෝටි 20ක ආසන්න මුදලක් පාඩුවක් සිදුව ඇතැයි ද එහි දී හෙළිවී ඇත.

බදු නොගෙවීම නිසා අදාළ ඉඩම නැවත රජයට පවරා ගෙන ඇති අතර මෙතෙක් රජයට හිමි විය යුතු බදු මුදල අය කර ගැනීමට කටයුතු කර නැත.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරන ලෙස නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත දැනුම්දෙන බව පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *