අලී සබ්‍රි ගෙනා රත්තරන් රාජසන්තකයි..! රු. ලක්ෂ 75ක දඩය ගෙවා ගෙදරත් යයි…!

May 24, 2023 at 8:52 am | by emanisa.lk

නීති විරෝධිව රත්තරන් සහ ඡංගම දුරකතන රැගෙන ආ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහිම්ට රුපියල් ලක්ෂ 75 දඩයක් නියම කළ රේගුව ඔහු රැගෙන ආ සියලු භාණ්ඩ රාජසන්තක කළ බව රේගු ආරංචි මාර්ග කියයි.

රන් කිලෝ තුනකට අධික ප්‍රමාණයක් සහ ඡංගම දුරකතන 91ක් ඔහුගේ ගමන් බෑගයේ තිබී හමු වූ බව රේගුව කියයි.

මෙම රත්තරන් සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරි පහසුකම් ඔස්සේ රැගෙන ඒම පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය අද අලුයම 04.00ට පමණ නිමා වී තිබූ බව රේගු ආරංචි මාර්ග පැවසීය.

මෙම මන්ත්‍රීවරයා මෙම දඩ මුදල එම අවස්ථාවේම ගෙවා දමා රේගු මූලස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස