13 වන සංශෝධනය මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවක් නොවන බව මේජර් ජනරාල් ජගත් ඩයස් පවසයි.
දෙමළ මුස්ලිම් ජනතාව උතුරු නැඟෙනහිර ප්‍රදේශවල හොඳින් ජීවත් වන බවයි, මේජර් ජනරාල්වරයා අවධාරණය කළේ.
13 වන සංශෝධනය බලාත්මක කොට පොලිස් සහ ඉඩම් බලය ලබා දීමට නම් හමුදා සෙබළුන් තිස් දහසකගේ පමණ ජීවිත පූජා කළේ කුමකට දැයි හෙතෙම ප්‍රශ්න කරයි.
ඊයේ මහනුවර පැවැති 13 බලාත්මක කිරීමට එරෙහි විරෝධතාවකට එකතු වෙමින් ජගත් ඩයස් මේ බව ප්‍රකාශ කළේය.
කොටි ත්‍රස්තවාදය පරාජය කරන අවසන් සටනෙහි 56 සහ 57 සේනාංක සඳහා නායකත්වය දුන් ජගත් ඩයස්, ඊළාම් අගනුවර ලෙස සැලකුණු කිලිනොච්චිය මුදාගත් සේනාංකාධිපතිවරයාය.