විකල්ප යෝජනා තිබේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට එකතු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට සියලු දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.
එවැනි තීරණාත්මක සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවාට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කිරීමට තමා සූදානම් බව ද ඔහු කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවහොත් රටේ ආර්ථිකය ගැන විශ්වාස තැබිය නොහැකි බව ද ජනාධිපතිවරයා සදහන් කළේය.
පොරොන්දු දේශපාලනයෙන් සිදුවූයේ රටේ ආර්ථිකය විනාශ වීම බවත් මැතිවරණයකට සූදානම් වෙනවා නම් රට ගොඩනැගිය හැක්කේ කෙසේද යන්න පිළිබඳ සැලසුමක් සියලු දේශපාලන පක්ෂ වෙත තිබිය යුතු බව ද හෙතෙම කීවේය.
ජාත්‍යන්තර රේගු දිනය සමරමින් කොළඹ රේගු මූලස්ථානයේදී අද පැවැති උත්සවයක දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.