රට හදන අපේ වැඩපිළිවෙළ මිස ආණ්ඩුවේ සුරංගනා කතා වැදගත් නෑ…! – තිස්ස…

October 15, 2024 at 4:57 pm | by emanisa.lk

රට හදන දැක්මක් ඇති එකම දේශපාලන ව්‍යාපාරය තමන් නියෝජනය කරන කණ්ඩායම බව සමගි ජන බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

“අපේ ආර්ථික වැඩපිළිවෙළ ඉතා පැහැදලිව අපි මේ රටේ ජනතාවට ඉදිරිපත් කළා. අපි කිව්වේ මැතිවරණ වේදිකාවල ජනාධිපතිවරණය අවස්ථවේදී රට හදන්න පුළුවන් එකම කණ්ඩායම අපි කියල. ඒ වගේම රට හදන්න ආර්ථික වැඩපිළිවෙළක් තියෙන්නේ අපිට කියල. ඒ වගේම රට හදන දැක්මක් තියෙන එකම දේශපාලන ව්‍යාපරය අපි කියල.

හැබැයි අවාසනාවකට මේ රටේ ජනතාව රට හැදීමේ චින්තනය පැත්තකින් තියල හොරකම වංචාව දුෂණය නැති කරන්න කියල බලාපොරොත්තුවෙන් තමයි වර්තමාන ජනාධිපතිවරයාටත් ඒ වගේම ජාතික ජන බලවේගයටත් ඡන්දේ දුන්නේ. දැන් පේනවා ඇත්තටම අවශ්‍යව තියෙන්න ඒ අරමුණ ඉටුකරන්න නම් ඒ වෙනුවෙන් ආණ්ඩුව කරන්නේ මොකක්ද කියල බලන්න පුළුවන්.

හැබැයි මහ ජනතාවට තව ටික දවකින් දැනේවි ඇත්තට ම රට හදන එක ද වැදගත් සුරංගනා කතාද වැදගත් කියල. ඒ දෙක අතර තෝරා ගැනීම තමයි ජනතාවට දැන් අවස්ථව තියෙන්නේ. සමඟි ජන බලවේගය හා සමඟි ජන සන්ධානය ලෙස මේ රට වැටුණු තැනින් ගොඩගන්න ජාතික වැඩපිළිවෙළක් අපට තියෙනවා. ඒක තමයි බ්ලූ ප්‍රින්ට් ආර්ථික වැඩපිළිවෙළ හරහා ඉදිරිපත් කළේ.

කෙටි කාලීනව, මාධ්‍ය කාලීනව හා දිගු කාලීනව අපේ ආර්ථිකය වැඩපිළිවෙල රටේ ජනතාවට අපි කියලයි තියෙන්නේ. අපි ඉයන්නේ මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී එක අනුමත කරලා දෙන්න. අපි ඒක කරලා පෙන්වන්නම්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *