රට විනාශ කළේ රාජපක්ෂලා බව 92%ක් ජනතාව කියනවා…! – පාඨලී…

February 26, 2023 at 8:43 pm | by emanisa.lk

පසුගියදා පැවැති ජනමත සමීක්ෂණයක දී රාජපක්ෂලාගේ ඡන්ද ප්‍රතිශතය 8%ට වැටී ඇතැයි හෙළි වූ බව හිටපු අමාත්‍ය, 43 වන සේනාංකාධිපති පාඨලී චම්පික රණවක පවසයි.

තව දුරටත් 69 ලක්ෂයේ කතා වලංගු නොමැති බවත් මේ රටේ ජනතාවගෙන් 92%ක් සිය ජීවිත විනාශ කළේ රාජපක්ෂලා බව තීන්දු කර අවසන් බවත් හෙතෙම අවධාරණය කරයි.

රාජපක්ෂ ශාපය මේ රටේ නතර කළ යුතු බවයි, පාඨලී චම්පික රණවක උත්සව අවස්ථාවක් අමතමින් වැඩි දුරටත් සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *