මේ වන විට දේශීය ටින් මාළු අවශ්‍යතාව 100%ක් සම්පූර්ණ කිරීමට දේශීය නිෂ්පාදකයින් සමත්ව තිබේ.
2019ට සාපේක්ෂව 2020 වර්ෂයේ ටින් මාළු ආනයනය 76%කින් අඩු කිරීමටත් 2020ට සාපේක්ෂව 2021 වසරේ දී 66%කින් අඩු කිරීමටත් හැකියාව ලැබී ඇත.
මේ වසරේ එය තව දුරටත් අඩු කර ගැනීමට හැකි වනු ඇතැයි දේශීය ටින් මාළු කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.
2019 වර්ෂයේ විදෙස් රටවලින් මෙරටට ආනයනය කළ ටින් මාළුවල වටිනාකම රු. බිලියන 14කි.
මෙම කරුණු අනාවරණය වූයේ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර සමග පැවැති සාකච්ඡාකව දී ය.