රට වටේ මූද තියාගෙන පිට රටින් මාළු ගෙන ආ යුගය නිමා කරනවා! – අගමැති මහින්ද

December 6, 2020 at 8:43 pm | by emanisa.lk

රට වටා මුහුද ද ධීවර වරාය 22ක් ද තබා ගෙන අදටත් අප පිට රටින් මාළු ගෙන එන බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

අද (06) රැකව ධීවර නැංගුම්පොළ ඉදිකිරීමේ කටයුතු සමාරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එකතු වෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

ඒ අතර අපේ මුහුදු ඇති මත්ස්‍ය සම්පත වෙනත් රටවල් ඩැහැගෙන යන බව ද එය නතර කරලීමට කටයුතු කරන බව ද අගමැතිවරයා අවධාරණය කළේ ය.

රටේ ජනතාවට උවමනා මාළු ප්‍රමාණය පමණක් නොව මාළු විදෙස් වෙළෙඳපොළට යවා මුදල් ලබා ගැනීම සඳහා ද ආණ්ඩුව මේ වන විට කටයුතු කරමින් සිටින බව හෙතෙම සඳහන් කළේ ය.

දැනටමත් ධීවර කර්මාන්තය ඔස්සේ යම් විදේශ විනිමය ප්‍රමාණයක් රටට පැමිණෙන බවත් ජනාධිපතිවරයා මේ සියල්ල පිළිබඳ අවධානය යොමු කර ඇති බවත් අගමැති මහින්ද රාජපක්ෂ වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *