රට ලොක්ඩවුන් කළේ ඩීසල් නැති නිසයි…! ඩීසල් නැව නාවොත් 01 වෙනිදත් රට අරින්නේ නෑ…! – රනිල්…

September 27, 2021 at 1:14 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව ඇනවුම් කළ ඩීසල් ඔක්තෝබර් 01 වන විට නොලැබුණොත් “ලොක් ඩවුන්” කිරීම ඔක්තෝම්බර් මැද දක්වා දිගු කිරීමට සිදුවනු ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

ලොක් ඩවුන් සීමා ලිහිල් කිරීම ප්‍රමාද වූයේ ශ්‍රී ලංකාවට ඩීසල් සඳහා මුදල් ගෙවන්නට හැකියාව නොලැබුණු නිසා බව තමාට දැනගන්නට ලැබුණ බව කී රනිල් වික්‍රමසිංහ මේ වන විට ආණ්ඩුව ඩීසල් සඳහා මුදල් ගෙවා තිබෙන අතර දැන් රටට ඩීසල් පැමිනෙමින් තිබෙන බව සැල වී ඇතැයි ද කීය.

එම ඩීසල් ඔක්තෝම්බර් 1 වන දා වන විට නොපැමිණියහොත් තවදුරටත් ලොක් ඩවුන් කාලය දිගු කරන්නට ආණ්ඩුවට සිදුවනු ඇතැයි ද හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සමඟ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසූයේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *