රට බංකොලොත් වුණ හැටි හොයන වැඩේ සාගරට…!

July 6, 2023 at 2:59 pm | by emanisa.lk

රටේ මුල්‍ය බංකොලොත්භාවය පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කොට තිබේ.

මේ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (06) සභාවට දැනුම් දුන් අතර ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල ප්‍රකාශ කළේ, රට බංකොලොත් වූ සැටි සෙවීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් කිරීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීම වැනි වැඩක් බවය.

එහි දී අදහස් දැක්වු අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළේ “මම කනගාටුවෙනවා මේ වගේ පරිනත දේශපාලනඥයෙක් මේ වගේ ගොන් කතාවක් කිව්ව එක. මේ හැම ආණ්ඩුවක්ම වගකියන්න ඕනේ බංකොලොත්භාවයට. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි.” යනුවෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *