රට බංකොලොත් වුණේ යහපාලන ණය නිසයි…! වරාය විකිණූ ඩොලර් කෝටි 110ට වෙච්චි දෙයක් නෑ…! රටේ ආර්ථිකය විනාශ කළේ රනිල්…! – අනුර…

June 28, 2022 at 9:34 am | by emanisa.lk

මේ රට ආර්ථික අර්බුදයට ඇද දැමුවේ රනිල් වික්‍රමසිංහ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

පසුගිය ආණ්ඩු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර විකුණා ඩොලර් බිලියන 15.5ක ණය ගෙන ඇති බවත් එයින් ඩොලර් බිලියන 12ක් ගත්තේ 2015-2019 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බවත් අනුර දිසානායක අවධාරණය කරයි.

අද රටට ගෙවා ගත නොහැකි වී ඇත්තේ වික්‍රමසිංහ ආණ්ඩුව ගත් ස්වෛරී බැඳුම්කර ණය බවයි, ජවිපෙ නායකයා පවසන්නේ.

අනුර දිසානායක එහි දී හෙළි කළේ, එම ආණ්ඩුව හම්බන්තොට වරාය විකුණා ඩොලර් කෝටි 110ක් ගත් බවත් පසුගිය කෝප් කමිටුවේ දී එම මුදලට සිදු වූ දෙයක් පවා නොමැති වූ බව අනාවරණය වූ බවයි.

එම පක්ෂ ජන හමුවක් අමතමින් ජවිපෙ නායකයා මේ බව ප්‍රකාශ කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *