රට බංකොලොත් වී ඇතැයි විපක්ෂය ජාත්‍යන්තරයට ප්‍රකාශ නිකුත් කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ චෝදනා කරයි.
මෙලෙස රට පිළිබඳ වැරදි ආකල්පයක් ලෝකයට ගිය පසු කිසිවෙකු රටට ආයෝජනය සඳහා නොපැමිණෙන බවයි, ඩයනා ගමගේ සඳහන් කළේ. වෙනත් රටවල මෙන් ම අපේ රටේ ද මේ අවස්ථාවේ අර්බුදයක් ඇති බව ද ඇය පෙන්වා දුන්නාය.
පක්ෂයේ සමගිය පවා ආරක්ෂා කරගත නොහැකි සජිත් ප්‍රේමදාස මේ අවස්ථාවේ රට පාලනය කළේ නම් ජනතාවට දෙයියන්ගේ පිහිටයි යැයි ද ඇය සඳහන් කළාය.
රට අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ආයෝජන කැඳවාගත යුතු බවත් ඒ සඳහා විපක්ෂය රට පිළිබඳ ගෙන යන අසත්‍ය ප්‍රකාශ බාධාවක් වී ඇති බවත් ඩයනා ගමගේ වැඩි දුරටත් අවධාරණය කළාය.